දෙවැනි ටෙස්ට් තරගයේත් කාසියේ වාසිය ඉන්දියාවට [VIDEO]
By Malith Madushan
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ශුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර, ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ශුබ්මන් ගිල් විසින් දරනු ලබයි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 165ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර, ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ මේ වනවිට ඉන්දියාව 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.
2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගයේදී ශ්‍රී ලංකාව තරගාවලිය සම කිරීමටත්, ඉන්දියාව තරගාවලිය ජයගැනීමටත් සටන් කරනු ඇත.