සුනඛයන් ලියාපදිංචි කිරීමේ නව පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී අදාළ පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මෙරට දැනට ක්රියාත්මක ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත හා සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණයි.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම මෙන්ම ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම ද මීට ඇතුළත් වේ.
එමෙන්ම සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබාදිය යුතු වයස් සීමාව සම්බන්ධ පරස්පරතා ඉවත් කිරීම සහ හෝමෝන එන්නත් වෙනුවට පශු වෛද්ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මගින් වන්ධ්යාකරණය සිදුකිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.
විශේෂයෙන්ම වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර හෝ ප්රතිකාර ලබාදෙන පුද්ගලයන් එම සුනඛයන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සලකා ඔවුන් මත සියලු වගකීම් පැවරීම වැළැක්වීමට අවශ්ය නීතිමය විධිවිධාන සැලසීමට ද කාරක සභාවේදී යෝජනා විය.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
ඊට අමතරව ලියාපදිංචි කිරීම පැහැර හැරීම සහ සත්ව හිංසනය සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීමත්, ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැකකරන සුනඛයන් නිරීක්ෂණයේදී පශු වෛද්ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමත් මෙම පනත මගින් විධිමත් කිරීමට නියමිතය.