පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත අවදානමක්.. ආරක්ෂාව ඉල්ලා මහජන ආරක්ෂක නි. ඇමතිට සහ පොලිස්පතිවරයාට ලිපි
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්රියාදාමය නිසා තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව උන්වහන්සේ විසින් මෙම ලිපියේ පිටපතක් පොලිස්පතිවරයා වෙත ද යොමු කර ඇති බව සඳහන්.
අමරපුර සිරි සද්ධර්ම යුක්තික (මාතර) පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්රධාන සංඝනායක මෙන්ම උතුරු - නැගෙනහිර සාමග්ග්රි මහා සංඝසභාවේ මහා ලේඛකාධිකාරී පූජ්ය පනාමුරේ තිලකවංශ හිමියන් පෙන්වා දෙන්නේ, උරුමයන් රැකීමේ ක්රියාදාමය හේතුවෙන් ඉකුත් රජයෙන් ජීවිත ආරක්ෂාවට ඇමති ආරක්ෂක ඒකකයෙන් ලබා දී තිබූ සමීප ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වහාම ක්රියාත්මක වන ලෙස පසුගිය 12 වැනිදා සිට ආරක්ෂක රාජකාරියෙන් ඉවත් කර තිබෙන බවයි.
එමෙන්ම උන්වහන්සේ අඳාළ ලිපියේ උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට එරෙහිව අන්තවාදී සහ ජාතිවාදී කල්ලි කණ්ඩායම් මඟින් අධිකරණයේ නඩු 15 කට අධික ප්රමාණයක් ගොනු කර තිබෙන බවත්, උන්වහන්සේ වැඩම කරන අවස්ථා නිරීක්ෂණය කරමින් සැළසුම් සහගතව හානියක් කිරීමට පිරිස් මාන බලමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් සඳහන් කර ඇති බව සඳහන්.
තවද උන්වහන්සේ වැඩිදුරටත් එහි දක්වා ඇත්තේ, මෑතකදී සිදුවූ ආරක්ෂක අවදානම් සහිත සිදුවීම් දෙකක් ද උන්වහන්සේ පෙන්වා දී තිබෙන අතර, කින්නියා ප්රදේශයෙන් පැමිණි මුස්ලිම් තරුණ පිරිසක් පිහි රැගෙන විහාරස්ථානයට පැමිණ කලබල කළ අවස්ථාවේදී, එසැණින් ක්රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, පැවති පොසොන් මහා පින්කම් අවස්ථාවේදී මග දෙපස දමා තිබූ කොඩි සැරසිලි කඩා ඉරා දමා කොඩි කණු ද අස්ථානගත කළ බවත් ය.
එබැවින් පවතින ජීවිත අවදානම් තත්ත්වය සලකා බලා, ශාසනික හා ජාතික වගකීම් වෙනුවෙන් උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර මඩකලපුව, අම්පාර වැනි ප්රදේශවලට ද වරින් වර වැඩම කිරීමට සිදුවන බැවින්, අවි සමඟම වෙනත් ප්රදේශවලට ද රැගෙන යා හැකි ලෙස පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙහිදී ඉල්ලා සිටින බව නායක හිමියෝ අඳාළ ලිපියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට