බිහිසුණු අනතුරක් - සිව්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 11ක් සිරවෙයි

Report

මහාරාෂ්ට්‍ර හි ඨානේ දිස්ත්‍රික්කයේ භිවන්දි ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (30) රාත්‍රියේ කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අද (31) උදෑසන 9 වන විට, මුදාගැනීමේ කණ්ඩායම් විසින් මෘත ශරීර අටක් සොයාගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි.

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති තනතුරට

මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති තනතුරට

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පූර්ව තොරතුරුවලට අනුව, රාත්‍රී 8.00 ත් 9.00 ත් අතර කාලය තුළ ගොඩනැගිල්ලෙන් විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බව ප්‍රදේශවාසීන් පවසා ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් භිවන්දි ගිනි නිවන හමුදාවේ ගිනි නිවන නිලධාරී නිතින් චවාන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙවැනි අදහසක්

"ප්‍රදේශවාසීන්ට අනුව, ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් හය දෙනෙකු සහ එහි අලුත්වැඩියා කටයුතුවල නිරත වූ සේවකයින් පස් දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වුණා. මේ වන විට අප සුන්බුන් අතරින් මෘත ශරීර අටක් සොයාගෙන ඇති අතර, තවත් මෘත ශරීර යටවී තිබීමේ හැකියාවක් පවතිනවා. මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. සොයාගත් මෘත ශරීර රෝහල වෙත යවා ඇති අතර අලුත්වැඩියා කටයුතුවල නිරත වූ සේවකයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ." 

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න