මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න නව හමුදාපති තනතුරට
ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කරමින් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා නව හමුදාපතිවරයා ලෙස පත් කර ඇත.
මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබේ.