මග බලන් නේද හිටියේ.. ඔන්න ලබන සතියේ එනවා කියන්නේ..

Sri Lanka Government Of Sri Lanka Import Rice
By Piyumika Dec 08, 2024 08:03 AM GMT
Piyumika

Piyumika

Report

ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙකු මේ වන විටත් සහල් තොග ඇනවුම් කර ඇති බවය.

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

තරුණ පිරිමි ළමයෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ... පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ට පෙත්සමක්..

තරුණ පිරිමි ළමයෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ... පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්ට පෙත්සමක්..

මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට ඍජුවම සහල් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට පසුගිය දා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.

ඒ අනුව සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු සංශෝධනය කරමින් දෙසැම්බර් මස 04 වන දින සිට 20 වන දින දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා අවසර ලබාදෙමින් විශේෂ ගැසට් නිවේදනයක් ද රජය විසින් නිකුත් කරනු ලැබීය.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබාදුන් නියෝගවලට අනුව පාලන මිල යටතේ වෙළෙඳසැල් වෙත සහල් තොග ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.

සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ..

සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ..

අද උදෑසන සිටම සහල් මෝල් හිමියන් විසින් පාලන මිලට තමන් වෙත සහල් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි වෙළඳුන් පවසන්නේ. රට තුළ පවතින සහල් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවක දී සහල් සඳහා නව පාලන මිලක් පැනවීමට රජය පියවර ගනු ලැබීය.

ඒ අනුව අද දිනයේ සිට අදාළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළ යුතු බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියේය. ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව තමන් වෙත පාලන මිලට සහල් තොග ලැබෙමින් ඇති බව දඹුල්ල නගරයේ වෙළෙඳුන් පවසති.

You may like this video

ReeCha