මෙන්න වාරිමාර්ගයෙන් විශේෂ දැනුම්දීමක්

Report

දැනට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට අධි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ඇති වුවහොත් ක්ෂණිකව ජලමට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

දැනට පවතින කාලගුණ පුරෝකථන අනුව දිස්ත්‍රික්ක කිහිපයක ගංවතුර අවදානමක් ඇතිවීමට ඉඩ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සදහන් කර තිබේ.

එ අද (08) උදෑසන පවතින කාලගුණය පිළිබඳ අනාවරණය කෙරෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තවද එතුමා සදහන් කළේ විශේෂයෙන් අම්පාර, මඩකලපුව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ උතුරු ප්‍රදේශවලට තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ඇති වුවහොත් ප්‍රධාන ගංගාවන් නොමැතිව වුවද ඉදිරියේ දී ගංවතුර තත්ත්වයක් ඇති වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ඒ වගේම ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

ඒ වගේම මේ වනවිට බොහෝ ජලාශවල අවදානම් මට්ටමට වඩා පහළ ජලමට්ටමක් පවතින බවත්වාරිමාර්ග ගණනය කිරීම් අනුව සමස්ත ජලාශවල ජල ධාරිතාවයෙන් 80% - 90% ත් අතර ප්‍රමාණයක් ගනු ලබන බවද එතුමා සදහන් කර තිබේ.

ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා සදහන් කළේ මේ වනවිට විශේෂයෙන් නැගෙනහිර, උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත ආවරණය වන ජලාශවල වාන් දැමීම සිදුවෙන බවත් ප්‍රධාන ජලාශ 73න් 25ක් වාන් දමමින් පවතින බවත් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 24ක් මේ වනවිට වාන් දමමින් තිබෙන බවයි.

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්

ආපදා කළමනාකරණයෙන් විශේෂ නිවේදනයක්

ඊයේ (07) සහ අද (08) දින වාන් දොරටු විවෘත කර ජලාශවල සැලකිය යුතු ඉඩ ප්‍රමාණයක් පවත්වාගෙන ගියද තීව්‍ර වර්ෂාපතනයක් ඇති වුවහොත් තවදුරටත් වාන්දොරටු විවෘත කිරීමට සිදුවන බව මෙහිදී සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර මහවැලි ජලාශ 6ක් මේ වනවිට වාන් දමනින් පවතින අතර, ලොග්ගල්ඔය, හෑපොළ, මාඳුරුඔය, කණ්ඩලයම, කලාඔය සහ කළුගඟ ඒ අතර වන බව වාර්තා වේ.

මහවැලි කළමනාකරණයේ අධ්‍යක්ෂ, ජල කළමනාකරණ නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළේ මහවැලි අධිකාරියට සම්බන්ධ ජලාශවල 95%ක පමණ ජල ධාරිතාවයක් ඇති අතර, කොත්මලේ ජලාශයේ ජල ධාරිතාවය 59%ක් වන බවයි.