ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..
ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) තදබදයක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.
කලින් ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පැමිණීම හේතුවෙන් මෙම තදබදය ඇති වී ඇති බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම පාලක ජනරාල්වරයා ප්‍රකාශ කළේ, අද සිට සියලුම අයදුම්කරුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගන්නා ලෙසයි.