මත්පැන් මිල ඉහළට?. දින 100ක වැඩපිළිවෙළක්.. ඒ අනුව මීට පස්සේ වෙන්නෙ මෙහෙමයි..

Latest Headlines Decision Making
By krishani Aug 14, 2024 10:17 AM GMT
krishani

krishani

Report

බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය ‘කසිප්පු’ 19% සිට 30% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..


ඒ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ය.

ඒ අනුව බදු වැඩිකිරීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීමට සමගාමීව මධ්‍යසාර මිල සීග්‍රයෙන් ඉහළ ගිය බව ඔහු පැවසීය.

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..

රු.1,000යි.. බියර් ගැන ඇහෙන තරු විසි වෙන ආරංචියක් මෙන්න..


එමෙන්ම, නීතිවිරෝධි මත්පැන් වැටළිම් දිගින් දිගටම සිදු කර ඇති බව ඔහු කියා සිටියේ ය.

මේ වන විට දින 100 වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව සිමීත නිලධාරින් එක්ව මේ වසරේ වැටළීම් 5000 ක් කරන්න සැලසුම් කර ඇති බව කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

එමෙන්ම, රජය විසින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම අතිශය සීමිත බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ ය.

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..

බලන් හිටියට, නොහිතපු ගාණකින් අඩු වුණා ද?. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචියක් මෙන්න..


නව බලපත්‍ර නිකුත් කරන ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිත අතර එය වසර 15 කට පසුව මෙලෙස නව බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය වෙනස් වීමක් සිදු කර ඇති බව කොමසාරිස්වරයා මෙහිදී පැවසීය.

දැනට නිකුත් කර ඇති ආරක්ෂිත ස්ටිකර් ඔක්තෝම්බර් මාසයේදී වෙනස් කිරීමට කටයුතු කරන බව සුරාබදු කොමසාරිස්වරයා කියා සිටියා.

කෙසේ වෙතත්, මත්පැන් ශරීරයට හිතකර දෙයක් නොවන බවත් නමුත් පුද්ගලයින්ගේ කැමැත්ත මත මෙය පාරිභෝජනය ගැනීම් තීරණය වන බව ඔහු සඳහන් කළේ ය.

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)

ඔබ දැනගත යුතුම දෙයක් ගැන මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(VIDEO)


එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය වැඩි කර පාරිභෝගිකයාට සුදුසු වන ආකාරයට සකස් කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි වැඩිදුරටත් කියා සිටියේ ය

ReeCha