තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ..

Report

ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල්, ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහනය කිරීමේ වේදිකාව සම්පූර්ණ කර භාර දී ඇති බව වාර්තා වේ.

තෙල් සහ ගෑස් ගැන ඔබ මවිත වෙන ආරංචියක්.. අද තීරණය අරන් තියෙන්නෙ.. | International Offshore Oil Gas Gathering

මෙය ඉදිකර ඇත්තේ චීනයේ Shandong පළාතේ Qingdao නගරයේ ය.

එය චීනයේ මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ ඉදිරි ගමනක් සනිටුහන් කිරීමක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.

ලොකු ළූණු ගැන ඇහෙන පුදුම හිතෙන මේ කතාව මොකක්ද?. ගාණ කීයද දන්නව ද?.


Qingdao නගරයේ ‘ජාත්‍යන්තර ඉහළ පෙළේ උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයේ’ ඉදිකිරීමක් වන මෙම ‘Mazoun තෙල් හා ගෑස් ගවේෂණ වේදිකාව’ ටොන් 17,000කට වඩා බර වේ.

එමෙන්ම, එය දැනට ලෝකයේ පවතින විශාලතම තෙල් හා ගෑස් එකතු කිරීමේ සහ ප්‍රවාහන කිරීමේ වේදිකාව වේ.

මාස 34 ක ඉදිකිරීම්වලින් පසු එය අද(12) නිල වශයෙන් භාරදීම සිදු කර ඇති බව සඳහන් වේ.

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..

ඔක්තෝබරයේ රජයෙන් දෙන්න යන දීමනාව මෙන්න.. සැප්තැම්බර් දීමනාවත් ඒකටම..


අගෝස්තු මස අවසානයේ දී එය විශාල ප්‍රවාහන නෞකාවක ආධාරයෙන් නාවික සැතපුම් 6,400 ක් දුරින් පිහිටි සෞදි අරාබියේ සාගර ප්‍රදේශයේ ස්ථාපනය කිරීමට පිටත් කෙරෙනු ඇත.

කෙසේ වෙතත්, මෙම වේදිකාව එහි Mazoun තෙල් බිමේ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීමට යොදා ගැණෙයි.

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..

පෞද්ගලික අංශයේ සේවකයින්ට කාලෙකින් සුබම සුබ ආරංචියක් මෙන්න..


එමෙන්ම, එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු Mazoun තෙල් බිමේ වාර්ෂික බොරතෙල් නිෂ්පාදනය ටොන් මිලියන 24ක් දක්වා වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.