පොලිස්පතිවරයා ගෙන් සියලු ස්ථානාධිපතිවරුන්ට නිවේදනයක්...
රට තුළ මහජන සාමය පවත්වාගෙන යාම යම් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් මෙම වකවානුවේදී සිය නිල ජංගම දුරකතනය පැය 24 පුරා සෑම අවස්ථාවකදී ම සක්‍රිය කරගෙන සිටිය යුතු බවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් හා ඇතැම් මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන්ට නියෝග කර තිබෙනවා.
ඒ සිය රාජකාරි දුරකතන ක්‍රියාවිරහිත කර හෝ ශබ්දය නොඇසෙන ලෙස තැබීම හේතුවෙන් එම දුරකතනවලට ගන්නා ඇමතුම් මගහැරී යන බව නිරීක්‍ෂණය වී ඇති හෙයින් පොලිස්පතිවරයා මෙසේ නියෝග නිකුත් කර ඇත්තේ .
එමෙන් ම පැය 24 පුරා ඕනෑ ම අවස්ථාවකදී ලැබෙන දුරකතන ඇමැතුම්වලට අදාළ නිලධාරීන් පිළිතුරු සැපයිය යුතු බවද පොලිස්පතිවරයා සියලු ම ස්ථානාධිපතිවරුන්ට හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ට දැනුම් දී තිබේ.
සියලු ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් ඇතුළු අංශ භාර නිලධාරීන් වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් නිල දුරකතන සිම්පත් නිකුත් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |