මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම දේශපාලනයෙන් සමු ගන්න ලෑස්තියි - රාධා ක්‍රිෂ්ණන්
හිටපු ජනාධිපතිවරුවන්ට ලබා දෙන වරප්‍රසාද නැති කිරිමට රජයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය රජය ගත් හොද ක්‍රියාමාර්ගයක් බවට දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක, කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී.රාධා ක්‍රිෂ්ණන් මහතා (සජබ) ප්‍රකාශ කර ඇත.
අද (1) දින රාධා ක්‍රිෂ්ණන් මහතාගේ 73 වන ජන්ම දිනය යෙදි තිබීම නිමිත්තෙන් කදුරට ජනතා පෙරමුණේ ප්‍රධාන කාර්යාලය හැටන් ඩන්බාර් මාර්ගයේ විවෘත කිරිම සිදු විය.
ඉන් පසුව එම කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියා.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,
“හිටපු ජනාධිපතිවරයන්ට ආරක්ෂාව ලබා දෙන්න ඕන. ඒත් රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල වරප්‍රසාද ලැබෙනවා. ඒවා නැති කරනවාට මම කැමතියි. ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අපේ රටට 44% ක තීරු බද්දක් පනවලා තිබුණා. එම බද්ද පිළිබදව ඇමරිකාව සමග සාකච්ඡා කරලා 20% දක්වා අඩු කර ගැනිමට රජය කටයුතු කරලා තියනවා. ඒක හොද දෙයක්. අපි ඒ ගැන රජයට ප්‍රශංසා කරනවා. බද්ද අඩු කිරිම නිසා අපේ රටේ අපනයනයට ගොඩක් හොදයි. දේශපාලනයෙන් සමු ගන්න වයසක් නෑ. කදුකරයේ ජනතාව මාව ප්‍රතික්ෂේප කරනවා නම් මම දේශපාලනයෙන් සමු ගන්න ලෑස්තියි. තාම වතුකරයේ ජනතාව මට එහෙම දෙයක් කියලා නෑ.
රටේ ආරක්ෂාව පිලිබදව සෑහිමකට පත් වෙන්න බෑ. හැමතැනම වෙඩි තැබීම් සිදු වෙනවා. මිනිස්සු මැරෙනවා. ඒක නතර කරන්න රජය වහාම කටයුතු කළ යුතුයි. පළාත් සභා මැතිවරණය පැවැතිවීමට නියමිතයි. එම මැතිවරණය පැරණි (මනාප) ඡන්ද ක්‍රමයට පැවැත්විය යුතුයි. පළාත් පාලන මැතිවරණය බහුතර පළාත් පාලන ආයතන ජාතික ජන බලවේගයට හිමි වෙලා තියනවා. දැනට එම පළාත් පාලන ආයතනවල සිදු කරන්නේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පමණයි. අපි විශ්වාස කරනවා ඉදිරියේදි එම පළාත් පාලන ආයතනවල බල ප්‍රදේශය තුල ජීවත්වන ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට කටයුතු කරයි කියලා."
එසේම රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ කදුරට ජනතා පෙරමුණේ නව කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එම පක්ෂයේ නිලධාරින් ඇතුලු පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගි වී සිටි බවද සඳහන්.

ජපානය, කොරියාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් ගොඩකට ශ්‍රි ලාංකිකයින්ට මෙන්න නව රැකියා අවස්ථා දීලා, ඉක්මන් කරන්න
