ජපානය, කොරියාව, ඊශ්‍රායලය ඇතුළු රටවල් ගොඩකට ශ්‍රි ලාංකිකයින්ට මෙන්න නව රැකියා අවස්ථා දීලා, ඉක්මන් කරන්න

Japan South Korea Job Opportunity Ministry of Foreign Affairs - sri lanka Sinhala news
By Kaushi Aug 01, 2025 12:12 PM GMT
Kaushi

Kaushi

Report

ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින්ට ලබාගැනීමට මේ වන විටත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසා ඇත.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව රජය පත්වීමත් සමග විවිධ ක්ෂේත්‍රවලට දේශපාලනමය මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැදීමට ලක්වූ දියුණු රටවල් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවයි.

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන මෙන්න විශේෂ දැනුම්දීමක්

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට බත්තරමුල්ලේදී එක්වෙමින්.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නාරාහෙන්පිට, මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන ගිය අතර විගමණික ප්‍රජාවට සිදුවන අපහසුතා සලකා බලා එම අංශ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

ඕලෙවල් ඒලෙවල් ඉවර වුණ ගමන් කරපු පාඨමාලා ආයේ කරන්න වෙන් නෑ

“මේ නව ගොඩනැගිල්ල ප්‍රධාන කාර්යාලය ආසන්නයේ එකම ගොඩනැගිල්ලක පිහිටුවලා තිබෙනවා.විශේෂයෙන්ම විගමණික ශ්‍රමිකයින්ට ගැටළු රැසක් ඇතිවුණා ප්‍රධාන කාර්යාලයට බොහෝ දුරකින් මේ නාරාහෙන්පිට ප්‍රදේශයේ මේ අංශ පිහිටා තිබීම නිසා. ඒ විතරක් නෙවෙයි සේවකයින්ගෙන් පැත්තෙන් ගත්තත් ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ගැටළු රැසක් ඇතිවුණා බත්තරමුල්ලේ සිට නාරාහෙන්පිට මෙහෙවර පියස කාර්යාලය වෙත පැමිණීමේදී. ඒ ගැටළුවලට විසඳුමක් වශයෙන් මේ පියවර අපි ක්‍රියාත්මක කළා.ඒ හරහා විගමණික ශ්‍රමික ප්‍රජාවට කාර්යක්ෂම සේවාවක් මේ පරිශ්‍රය තුළදී ලබාගත හැකියි. විදේශ රැකියා ක්ෂේත්‍රය ගත්තොත් කී දෙනෙක් ගියාද කියන කාරණය තමයි අපි හිතන්නේ.ආර්ථික අපහසුතාවලින් ජනතාව පීඩා විඳිනකොට ඊට විසඳුමක් වශයෙන් තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය විවෘත වුණේ. අපේ අපනයන ක්ෂේත්‍රය, සංචාරක ක්ෂේත්‍රය දියුණු වෙනකොට විදේශ රැකියා ක්ෂේත්‍රයේ ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්.ලෝකයේ ශ්‍රම වෙළඳපොලට ගැලපෙන අයුරින් පුහුණු ශ්‍රමිකයින් විදේශ ගතකිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටත් ඒ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

ඊටත් එහා ගිය ක්‍රමානුකූල වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.විවිධ ආයතන, විවිධ රටවල්, විවිධ අමාත්‍යාංශ එක්ව පුළුල් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය විදිහට අපි සැලසුම් කර තිබෙනවා. අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රය වෙනුවට ඉතාමත් ක්‍රමානුකූලව දියුණුවුන විදේශ රැකියා ක්ෂේත්‍රයක් ඇතිකිරීමයි අපේ බලාපොරොත්තුව. අපි රජයක් විදිහට විදේශ රැකියා ලබාදීමට මැදිහත්වීම සිදුකරන්නේ ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය සමග පමණයි. මේ රටවල් තුන සමගම නව විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විට සිදුකරමින් පවතිනවා. පසුගිය දිනවල ජපානයේ විශේෂ නියෝජිතයින් රැසක්ම අපි සමග සාකච්ඡා කළා.

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

මේ වාහන ගත්තු අයට සොරි තමයි, ගත්ත අයගෙන් බද්ද අය කරන්න යයි සෙල්ලන් නෑ ලක්ෂ 40ක්

එහිදී මේ රැකියාවන් ඉහළ නැංවීම පිළිබඳව ඉතාමත් සුභවාදී සාකච්ඡාවල නිරතවුණා. ඒ වගේම විෂයභාර අමාත්‍යතුමා මැලේසියාවේ සංචාරය කරන අතරතුර පුහුණු ශ්‍රමිකයින් මැලේසියානු රැකියා වෙළඳපොලට යොමුකිරිම පිළිබඳවත් අවධානය යොමුවුණා. පසුගිය කාලයේ මෙම ක්ෂේත්‍රය දේශපාලනීකරණය කිරීමත් සමගම බොහෝ ගැටළු රැසක් ඇතිවුණා. නමුත් නිර්දේශපාලනීකරණය වීම හේතුවෙන් විනිවිදභාවයකින් යුතුව මේ කටයුතු සිදුකිරීමත් සමග බොහෝ දෙනා අපිත් එක්ක වැඩකරන්න කැමති වෙලා තිබෙනවා. ඒ වගේ ගුණාත්මක වැඩපිළිවෙලක් සමග මේ ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන්න අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ශ්‍රි ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා නව විදේශ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරනවා. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරම භාෂා හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.” 

තව මඟුලක් ලාල්කාන්තගෙ ඔප්පුව ලාල්කාන්තම ලියාගෙන..ඇමතියා නෙවෙයි මොකා වුණත් නීත්‍යානුකූලව වැඩ කරපු නිලධාරිනිය

තව මඟුලක් ලාල්කාන්තගෙ ඔප්පුව ලාල්කාන්තම ලියාගෙන..ඇමතියා නෙවෙයි මොකා වුණත් නීත්‍යානුකූලව වැඩ කරපු නිලධාරිනිය

ReeCha