ඉල්ලගත්තු ඇමැති බංගලා වල්වැදිලා - මෙන්න දැන් තත්ත්වේ

Report

ඇමැතිවරුන් සඳහා වෙන් කර ඇති නිල නිවාස 25කට ආසන්න සංඛ්‍යාවක් වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බවත් මෙලෙස දීර්ඝ කාලයක් වසා දමා තිබීම හේතුවෙන් ඉන් බංගලා කිහිපයක් මේ වන විට කැලෑ වැදී ජරාවාස වෙමින් පවතින බවත් තොරතුරු වාර්තා වේ.

ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව, ඔවුන්ගේ රජයේ ඇමැතිවරුන් සඳහා මෙම නිල නිවාස ලබා නොදීමට තීරණය කර ඇති අතර ඒ අනුව, භාවිතයෙන් බැහැරව පවතින මෙම බංගලා ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමට රජය මේ වන විට සැලසුම් කර ඇත.

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

නැවතත් මාරාන්තික වෛරසයක් - රටම සීරුවෙන් - සියලු රටවල් ගුවන්තොටුපළ ආරක්ෂාව දැඩි කරයි

මෙම ඇමැති බංගලා අතුරින් පහක් මෑතකදී අධිකරණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා දී ඇති අතර අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා දුන් බංගලා විශේෂිත මහාධිකරණ පිහිටුවීම සඳහා යොදා ගැනීමට නියමිතය.

ඉතිරි බංගලා ද ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා ලබාදීමට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

ලෝක ඉතිහාසයේ වැඩිම රන්මිල අද - මෙන්න අද ලංකාවේ රන්මිල

මෙම බංගලා ලබා ගැනීම සඳහා මේ වන විටත් තානාපති කාර්යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන විස්සකට අධික සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.