හයේශිකා ප්‍රනාන්දුට මරණ තර්ජන....(VIDEO)

Report

රටේම අද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති සහ හැම මාධ්‍යක්ම මෙන්ම රටේ ජනතාව ද වැඩියෙන් මේ දවස්වල වැඩියෙන් කතා කරන්නේ 'ටීචර් අම්මා' හෙවත් හයෙශිකා ප්‍රනාන්දු නම් ටියුෂන් ගුරුතුමිය පිළිබඳවයි.

පසුගියදා හයෙශිකා ප්‍රනාන්දු නම් ටියුෂන් ගුරුතුමිය 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සුදානම් වන දරුවන් සඳහා දැවැන්ත සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබුනා.

බැතිමතුන්ට යුද්ධ හමුදා මුලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්.!

බැතිමතුන්ට යුද්ධ හමුදා මුලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්.!

එම අවස්ථාවට ඇය සම්ප්‍රාප්ත වුයේ පොලිස් හා පෞගලික ආරක්ෂාව මෙන්ම පොලිස් පෙරගමන් රථ හා පරිවාර පිරිවරාගෙනයි. එයත් සමගින් 'ටීචර් අම්මා' හෙවත් හයෙශිකා ප්‍රනාන්දු නම් ටියුෂන් ගුරුතුමිය අපේ රටේ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ඉක්මනින් කතා කරන මාතෘකාවක් බවට පත්වුණා.

ටියුෂන් ගුරුතුමියකට මේ තරම් ආරක්ෂාවක් ? කියන මාතෘකාව ඔස්සේ ඇය බොහෝ සේ වෛරල් වෙන්න පටන් ගත්තා. ඇයට එල්ල වුනු චෝදනාව තමයි පොලිස් ආරක්ෂාව අවභාවිත කර ඇති බව.

උතුම් සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදයි

උතුම් සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදයි

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ එම ගුරුවරිය මුදල් ගෙවා පොලිස් ආරක්ෂාව ලබාගෙන ඇති බවයි. යම් හෙයකින් අදාළ ගුරුවරිය විසින් පොලිස් ආරක්ෂාව අවභාවිත කර ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.    

මේ අතර අදාළ ටියුෂන් ගුරුතුමිය ඊයේ දවසේ මාධ්‍ය වෙත ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ආයේ කවදාවත් යුද්ධ නෑ එහෙම රටක් අපි හදනවා- ජනපති

ආයේ කවදාවත් යුද්ධ නෑ එහෙම රටක් අපි හදනවා- ජනපති

ඒ තමන්ට පාර්ශව කිහිපයකින් මරණ තර්ජන එල්ලවී ඇති බවයි. තමන්ට ප්‍රසිද්ධ ස්ථානයක කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය කියා සිටියා.

එමෙන්ම ඇයගේ පෞද්ගලික තොරතුරු රැසක් මෙහිදී අනාවරණය කළා.