උතුම් සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ''සිරි දළදා වන්දනාවේ'' තෙවැනි දිනය අදට (20) යෙදී තිබේ.
[
ඒ අනුව අද මධ්‍යහන 12.30ට සිරි දළදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇති අතර එය පස්වරු 05.00 දක්වා පැවැත්වීමට දළදා මාලිගාව විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ. "සිරි දළදා වන්දනාව" එළැඹෙන 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වීමට නියමිතව ඇති අතර එහි සමාරම්භක අවස්ථාව පසුගිය 18 වැනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ආරම්භක දිනයේ සිට මේ දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අති විශාල ජනතාවක් දළදා මාලිගාව වෙත පැමිණ සිටින අතර පැමිණ සිටින ජනතාවගේ කුස ගිනි නිවාලීම සඳහා 24 පැය පුරාවටම දළදා මාලිගාව විසින් දන්සල්ද ක්‍රියාත්මක කර තිබේ.
