අංගුලිමාල ගති පෙන්නපු සැමියා.. බිරිඳගෙ ඇඟිලි 4ක්ම කපලා දාලා.. ඇඟිලි ටික බෝතලේකට දාගෙන රෝහලට ගිහින් තියෙන්නෙ..

Report

සිය සැමියෙකු විසින් බිරිඳගේ දකුණු අතෙහි සුලැඟිල්ල පමණක් ඉතිරිවෙන සේ ඉතිරි ඇඟිලි හතර කපා දමා මුහුණ හා බෙල්ලද තියුණු ආයුධයකින් කැපීමෙන් බරපතළ තුවාල කළ සිදුවීමක් වාර්තා වේ.

එලෙස තුවාල ලබා සිටි කාන්තාව ඊයේ (25) මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හදිසි ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සොයුරත් එක්ක එකම ඇඳෙහි නින්දට ගිය.. චානුක අතුරුදන්.. උදේන්ම මව ආහාර පිසින්න එනකොට දැකපු දෙය..

සොයුරත් එක්ක එකම ඇඳෙහි නින්දට ගිය.. චානුක අතුරුදන්.. උදේන්ම මව ආහාර පිසින්න එනකොට දැකපු දෙය..

ඒ බව කන්දකැටිය පොලිසිය සඳහන් කළේ ය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 32ක විවාහක කාන්තාවක් ය.

පවුල් ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණියගේ සැමියා කන්දකැටිය පොලිසිය මගින් සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා.

තුවාල ලැබූ කාන්තාවගේ අතෙන් වෙන් වූ ඇඟිලි බෝතලයක දමාගෙන නිවැසියන් විසින් රැගෙනවිත් තිබූ අතර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව තරුණියද සමඟ ඇගිලි බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත යැවීමට මීගහකිවුල රෝහල් කාර්යය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

You May Like This Video 👇 

.