සොයුරත් එක්ක එකම ඇඳෙහි නින්දට ගිය.. චානුක අතුරුදන්.. උදේන්ම මව ආහාර පිසින්න එනකොට දැකපු දෙය..

Report

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ බණ්ඩාරගම බැල්ලන්තුඩාව ශ්‍රී ඤාණරතන මාවත ප්‍රදේශයේ පදිංචි චානුක ගිම්හාර පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක් ය.

ඔහු මොරටුව, කටුබැද්ද ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාවක් හදාරමින් සිටි අයෙක් වේ.

සුපුරුදු ලෙස ඔහු (24) වෙනිදා රාත්‍රි ආහාරය ද ගෙන නින්දට ගොස් ඇති බව දෙමාපියන් සඳහන් කළේ ය.

නමුත් ඊයේ (25) අලුයම 4.30ට පමණ මව ආහාර පිසීම සඳහා මුළුතැන්ගෙට යන අවස්ථාවේදී නිවසේ ප්‍රධාන දොර අඩක් විවෘත කර තිබෙන ආකාරය ඇය දැක තිබෙනවා.

පසුව දොර වසා ඇය සිය දරුවන් දෙදෙනා බැලීමට නිදන කාමරය අසලට ගොස් ඇත.

නාය යෑමේ අනතුරු ඇඟවීමක්.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන්..

නාය යෑමේ අනතුරු ඇඟවීමක්.. මෙන්න මේ ප්‍රදේශවල ජනතාව පරිස්සමෙන්..

එවිට චානුක එහි සිට නැති අතර සිය නිවුන් සොයුරා සමඟ එකම ඇඳෙහි නිදා ගන්නා චානුකගේ සොයුරා වන හේශාන් ද මේ පිළිබඳව කිසිවක් දැන සිට නොමැත.

පසුව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ප්‍රදේශය පුරා චානුක සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

නමුත් කිසිඳු හෝඩුවාවක් දැනගැනීමට නොහැකි වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් මව්පියන් හොරණ පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව පොලීසියේ බෘෘනෝ නිල සුනඛයා යොදා සෝදිසි මෙහෙයුම් ආරම්භ කෙරුණ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You May Like This Video 👇 

.