FBC ලේ පරීක්ෂාවට වැඩිපුර මුදල් අයකළ පුද්ගලික රෝහලට දැඩි දඩුවම් - අධිකරණයෙන් ලක්ෂ 30ක දඩයක් නියම වෙයි

Report

රුධිරයේ Full Blood Count (FBC) පරීක්ෂාවක් සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කළ බවට වරද පිළිගත් යාපනයේ පෞද්ගලික රෝහලකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් මිලියන 3ක (ලක්ෂ 30ක) දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවල සිදුකරන ඇතැම් වෛද්‍ය පරීක්ෂණ සඳහා අය කළ හැකි උපරිම ගාස්තු නියම කර ඇති බවයි.

ඒ අනුව, FBC රුධිර පරීක්ෂාවක් සඳහා අය කළ හැකි උපරිම මුදල රුපියල් 400කි. කෙසේ වෙතත්, යාපනයේ පලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික ආයතනය විසින් එම පරීක්ෂාව සඳහා රුපියල් 550ක් අය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සිදුකළ විශේෂ වැටලීමකදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර, විත්තිකාර ආයතනය චෝදනාව පිළිගැනීමෙන් පසු අධිකරණය විසින් රුපියල් මිලියන 3ක දඩයක් නියම කර තිබේ.

තත්ත්වය තවත් දරුණු අතට - මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වාර්තා කරයි ධාරිතාව ඉක්මවයි

තත්ත්වය තවත් දරුණු අතට - මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රෝගීන් ගණන වාර්තා කරයි ධාරිතාව ඉක්මවයි

එමෙන්ම, සිදුකරන ලද වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල දැන්වීමක් පළ කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.

මේ අතර, පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාරවලින් සේවා ලබාගැනීමේදී නියමිත උපරිම ගාස්තු පිළිබඳ අවධානයෙන් සිටින ලෙස පාරිභෝගිකයන්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

එසේම, ගෙවනු ලබන සෑම මුදලක් සඳහාම නිසි බිල්පතක් හෝ රිසිට්පතක් ලබාගැනීම පාරිභෝගික අයිතියක් වන අතර, අවශ්‍ය අවස්ථාවක එය වැදගත් සාක්ෂියක් ලෙස භාවිත කළ හැකි බවද එම අධිකාරිය අවධාරණය කරයි.

නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කරන ආයතන පිළිබඳ කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකි බවද දැනුම් දී ඇත.

බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරිමට මහජන පරීක්ෂකවරුන් සැරසෙයි

බුලත්විට සමඟ දුම්කොළ අලෙවියට නීතිය දැඩි කිරිමට මහජන පරීක්ෂකවරුන් සැරසෙයි