මරදන්කඩවල ප්‍රදේශයේ දරුණු අනතුරක් - විදෙස් යුවළක් ඇතුළු 9ක් රෝහලට

Report

අනුරාධපුර – මහනුවර ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් විදෙස් යුවළක් ඇතුළු නව දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුළත් වී ඇත.

අනුරාධපුර දෙස සිට කොළඹ දිශාවට විදෙස් යුවළක් රැගෙන ගමන් කරන මෝටර් රථයක්, එයට විරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයට මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු විය.

හේමසිරිට සහ පූජිත්ට වැඩ වරදියි - පාස්කු නඩුව යළි කැඳවයි

හේමසිරිට සහ පූජිත්ට වැඩ වරදියි - පාස්කු නඩුව යළි කැඳවයි

එහිදී විදෙස් යුවළ සහ මෝටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, වෑන් රථයේ සිටි අනෙකුත් පිරිස මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කරන ලදී.

මෙම අනතුර සම්බන්ධයෙන් මරදන්කඩවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටියි.

මෙන්න මේ අය හොරෙන් මුදල් ගරනවලු පරිස්සම් වෙන්න

මෙන්න මේ අය හොරෙන් මුදල් ගරනවලු පරිස්සම් වෙන්න