හැටන් රාජා වත්තේදී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් 17 දෙනෙකුට බඹර ප්‍රහාරයක් – 16ක් රෝහලට
හැටන් පොලිස් වසමට අයත් රාජා වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බව වාර්තා වේ. රාජා වත්ත ඉහළ කොටසේ 7 වන තේ යායේ ගසක සහ ගලක් මත බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සී යාමෙන්, ඒ අසල තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
බඹර ප්‍රහාරයට ලක්වූ පිරිස මුදාගැනීම සඳහා දුමාරයක් ඇති කිරීමට උත්සාහ කළ ද, එම දුමාරය ඇතිකළ පිරිසට ද බඹරුන් පහර දුන් බව සිද්ධියට මුහුණ දුන් වතු කම්කරුවෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.