දරුවන් සමග වෙසක් සමරන්න බලාපොරොත්තුවෙන් බස් රථයට නැග්ග

Gossip Today Death Latest Headlines Gossip Lanka Sinhala news
By Akash May 13, 2025 10:30 PM GMT
Akash

Akash

Report

වෙසක් එකට දරුවොත් එක්ක ඉන්න ඕනෑ නිසා තමයි මේ බසයට නැඟලා තියෙන්නේ එයා නැති පාඩුව අපිට දරා ගන්න බෑ – ආර්. සමන්තගේ බිරිය හඬමින් කියයි

‘වෙසක් එකට දරුවොත් එක්ක ඉන්න ඕනෑ නිසා කලින් එන්න හිතාගෙන කවදාවකවත් ඇවිත් නැති බස් එකට එයා නැඟලා. ගෙදර එද්දි තමා මේ දේ වෙලා තියෙන්නේ.

පොලිස් විමර්ශනයකදී හෙළිවුණුු දේ

පොලිස් විමර්ශනයකදී හෙළිවුණුු දේ

එයා නැති අඩුව කවදාවත් දරුවන්ටයි, මටයි දරා ගන්න බැරි වෙයි.’ ගැරඬිඇල්ල මාරක බස් අනතුරින් අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පුත්තලම වනාතවිල්ලුව විජයපුර පදිංචි තිදරු පියාගේ මරණයෙන් දැඩි කම්පනයට පත්වූ බිරිය හඬා වැළපෙමින් පැවසුවාය.

වනාතවිල්ලුව, විජයපුර, පදිංචි තිදරු පියකු වූ වයි.ආර්. සමන්ත (46) මහතා මෙම මාරක අනතුරින් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබුණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා විදුලි ඉංජිනේරු ඒකකයේ වසර 22ක සේවා කාලයකින් පසු විශ්‍රාම ගොස් නුවරඑළිය ප්‍රදේශයේ ඥාතියකුගේ හෝටලයක සේවය කරමින් සිටි සමන්ත, වෙසක් පොහොය නිවාඩුවට දරුවන් සමඟ ගත කිරීමට ලහි ලහියේ නුවරඑළියේ සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇත.

තම සැමියාගේ වියෝව දරා ගත නොහැකිව වැළපෙමින් සිටි ඔහුගේ බිරිය නදිෂා රත්නායක මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය. ‘එයා ගුවන් හමුදාවේ ගුවන් යානා විදුලි ඉංජිනේරු ඒකකයේ වැඩ කළේ. යුද සමයේ මම පුදුම බයෙන් හිටියේ එයාට කරදරයක් වෙයි කියලා.

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

එහෙම රට වෙනුවෙන් ලොකු සේවයක් කරපු මගේ රත්තරන් මහත්තයා මේ විදිහට බස් අනතුරකින් ජීවිතය අවසන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. එයා අවුරුදු 22ක කාලයක් ගුවන් හමුදාවේ ඉඳලා නීත්‍යනුකුල ලෙස විශ්‍රාම ගිහින් තමයි මගේ අයියාගේ ඉල්ලීමට අයියාගේ නුවරඑළිය තිබෙන හෝටලයක සේවය කරමින් සිටියේ.

ඉඩක් ලැබුණ හැම වේලාවකම ගෙදර ඇවිත් දරුවන් එක්ක විනෝදයෙන් කාලය ගත කරන්න හරිම කැමැත්තක් තිබුණේ. ඒ හින්දාම තමයි කිසිම දවසක ආපු නැති ඔය කතරගම බස් එකට නුවරඑළියෙන් නැඟලා තියෙන්නේ.

බස් එකට නඟින්න කලිනුන් මට කතා කරලා කිවුවා, ‘වෙසක් එකට ආවාම ළමයි එක්ක වැඩි කාලයක් ඉන්න පුළුවන්නේ, ඒ නිසා එක්මනට එන්නම් කියලා. අනේ එහෙම එද්දි තමා මේ කරදරය වෙලා තියෙන්නේ.’ සමන්තගේ පියා තම පුතුගේ හදිසි වියෝවෙන් මහත් වේදනාවට පත්ව සිටියේය. ඔහු මෙලෙස අප හා අදහස් දක්වන්නට විය. මට දුවයි පුතයි විතරයි ඉන්නේ.

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

පියතුමා සංවිධානය කල සර්වාගමික වැඩසටහන මල්වතු මහානායක හිමි අවලංගු කරයි (PHOTO)

පුතා බාලයා නිසා අපි නිතරම එයා ගැන අවධානය යොමු කළා. වැඩි කතාබහක් නැති වුණාට හිත හොඳ කාටවත් කරදරයක් නැති කෙනෙක්. පුතා මුලින්ම පාසල් ගියේ වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විදුහලට. ඉන් පස්සේ මම මාරවිල සේවියර් එකට දාලා ඉගැන්නුවා. එයා හොඳට ඉගෙන ගත්තා.

ඒ නිසාම එයා 1994 දි ගුවන් හමුදාවට බැඳුණා. එහිදි එයා ගුවන් හමුදාවේ ගුවන් යානා විදුලි ඉංජිනේරු ඒකකයට බැඳිලා එහි දක්ෂතා දැක්වීම නිසාම ඉන්දියාවේ විවිධ පුහුණුවීම්වලට යැවුවා. එහෙම දක්ෂයෙක් මගේ පුතා. පුතාගේ මේ අවාසනාවන්ත මරණය අපිට දරා ගන්න බැරි දෙයක්.’ පුත්තලම අතිරේක

ReeCha