පොලිස් විමර්ශනයකදී හෙළිවුණුු දේ

By Mithu May 13, 2025 06:07 PM GMT
Report

කොට්ටාව - රුක්මලේ - විහාර මාවතේ නිවසක ඇති වූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ 19 හැවිරිදි තරුණිය සිය දිවි නසාගෙන ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී පොලිසියට සැක මතු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ ද නිගමනය ලබා ගැනීම බවයි. ඇය පමණක් නිවසේ සිටි අවස්ථාවේ අද අලූයම මෙම ගින්න හටගෙන තිබුණා.

ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට!

ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට!

එහිදී ඇගේ මව සහ සහෝදරයන් දෙදෙනා වෙසක් සිරි නැරඹිම සඳහා නිවසින් පිටව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ. මිය ගිය තරුණිය ද කැඳවාගෙන යාමට ඔවුන් උත්සහ කර තිබුණා.

එහෙත් ඇය ඊට අකමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම තරුණියගේ පියා මීට මාස කිහිපයකට ඉහත දී මියගොස් ඇති අතර මව සහ සහෝදරයන් දෙදෙනා සමග ඇය මීට මාස 8 කට පමණ ඉහත දී කුලී පදනම මත අදාල නිවසට පැමිණ තිබෙනවා.

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට

රනිල් කොළඹ මහ නගර සභාවේ බලය අල්ලයි හොර ගේම් එළියට