වසර හතකට පසු අද හොංකොං සික්සර්ස් ඇරඹේ.. ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාවට ජය..

By Piyumika Nov 01, 2024 06:45 AM GMT
Report

හොංකොං සික්සර්ස් අද පවතී තරගයෙන් ශ්‍රී ලංකා  කණ්ඩායම ජයග්‍රහණය හිමිකරගෙන තිබෙනවා.එමෙන්ම බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිලි තරග කරන දෙවැනි තරගය අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට ..

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට ..

1992 වසරේදී ඇරඹුණු හොංකොං සික්සර්ස් තරගාවලිය 2017 වසරෙන් පසු සත් වසරක විරාමයකින් අනතුරුව මෙවර ඇරඹෙන අතර තරගාවලිය සඳහා රටවල් 12ක් සහභාගිවනවා.

2007 වසරේදී ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර, ඊට ඇතුලත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය සහ ඕමානයයි.

මොනවා.. ලබන අප්‍රේල් තෙක් පොල් හිඟයක් ..

මොනවා.. ලබන අප්‍රේල් තෙක් පොල් හිඟයක් ..

ලහිරු මධුශංක නායකත්වය තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අතර, කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් වන්නේ ධනංජය ලක්ෂාන්, ලහිරු සමරකෝන්, නිෂාන් විමුක්ති, සඳුන් වීරක්කොඩි, තනුක දාබරේ සහ තරිඳු රත්නායකයි.

දින 3ක් පුරා පැවැත්වෙන මෙවර හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිතයි.