ඉෂාරට පහර දුන්නේ නැහැ කියන එක අහක දාන්න බෑ හිසට තුවාල වෙලා ඉල ඇට කැඩිලා - පොලිසිය
හෝමාගම පොලිස් භාරයේ සිටියදී මියගිය පුද්ගලයාගේ මරණය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන බවත්, ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය හැක්කේ අධිකරණ වෛද්ය වාර්තාව අනුව බවත් බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
පොලිස් මාධ්ය කොට්ඨාසයේ පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, අදාළ වෛද්ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ ඉලඇට තුනක් කැඩී ඇති අතර, මොළයේ රුධිර වහනයක් මෙන්ම හිසට ද තුවාල සිදුව ඇති බවයි.
ශ්රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය
අදාළ පුද්ගලයා සිරමැදිරියට දැමීමට පෙර යම් කාලයක් පොලිස් අපරාධ අංශයේ රඳවාගෙන සිට ඇති අතර, එම කාලසීමාව තුළදී ඔහුට පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ද ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, එම පහරදීම පිළිබඳ තොරතුරු මෙතෙක් සම්පූර්ණයෙන්ම තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කණ්ඩායම් හරහා වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.