තරුණ පරපුර අවධානමෙන් - HIV ආසාදිතයින් වාර්තාවීම ඉහළට

By Shehan Mar 30, 2025 02:48 AM GMT
Report

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස අතර HIV ආසාදිතයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව, පසුගිය වසරේදී වයස අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩයට අයත් තරුණ තරුණියන් අතරින් HIV ආසාදිතයින් 115 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

පසුගිය වසර තුළ මෙරටින් හඳුනා ගත් මුළු HIV ආසාදිතයින් සංඛ්‍යාව 824කි. ශ්‍රී ලංකාව තුළ HIV ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බැවින්, වහාම පරීක්ෂණ සඳහා යොමු වන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙයි.

දේශබන්දුට සැඟව සිටීමට උදව් දුන් අයෙක්ට ඇප

දේශබන්දුට සැඟව සිටීමට උදව් දුන් අයෙක්ට ඇප