ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)

Sri Lanka Sri Lankan Peoples Finland Murder
By Wayomi Jun 27, 2024 02:21 PM GMT
Wayomi

Wayomi

Report

ෆින්ලන්තයේ ජීවත් වෙමින් Hiruni's Northern Life නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් ෆින්ලන්තයේ පිහිටි ඇගේ නිවසේදී ඝාතනය කර තිබෙනවා.

එරට පදිංචිව සිටින හිරුණි අනුවිලි ගංගොඩවිල නම් ඇය ශ්‍රී ලාංකික තිදරු මවක් අතර මෙම මරණය සම්බන්ධව වැඩිදුර විස්තර හෙළි වී නැහැ.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.

දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.


කෙසේ වෙතත් ඇයගේ ඝාතනයට සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගත් බව පමණක් විදෙස් මාධය වාර්තා කර තිබෙනවා.

ෆින්ලන්ත මාධ්‍ය හිරුණිගේ පවුල හඳුන්වා දී ඇත්තේ දකුණු ආසියාතික පවුලක් ලෙස වන අතර ඔවුන් බොහෝ කාලයක් එරට ජීවත්වන බවත් සඳහන්.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.


එමෙන්ම මියගිය කාන්තාව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරි බවත් පවුලේ වීඩියෝ නිරන්තර ඇය සමාජ මාධ්‍යට යොමු කරන බවත් සඳහන් වන අතර මරණය සිදුව ඇත්තේ පසුගිය (24) දිනයි.

එදින සිද්ධියෙන් පසුව මෙම නිවසට ගිය අසල්වැසියෙකු එම නිවසේ දොර අසල විශාල ලේ පැල්ලමක් දැක තිබෙන අතර ඇය මේ සම්බන්ධව එරට ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

දවස් ගණන් පාසල් වසාගෙන කළ අරගලයෙන් ගුරු පඩිය වැඩි වෙයිද? - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


ඇගේ නිවස පිහිටා ඇත්තේ හෙල්සින්කි නුවර වන්තා ප්‍රදේශයේ වන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන්නේ මෙම මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවයි.



GalleryGalleryGallery