දින දෙකක් දිවයින පුරා වැසුණු පාසල් වලට හෙටත් නිවාඩු ද? - අලුත්ම ආරංචිය මෙන්න.
දිවයින පුරා පාසල් දහසක් පමණ වසා දමමින් පෙරේදා (26) සහ ඊයේ (27) දිනයේ ලෙඩ නිවාඩු දමමින් පැවැත්වූ දැවැන්ත ගුරු - විදුහල්පති විරෝධතාවය අදින් අවසන් කළ බවත්, හෙට දිනයේ පාසල් පැවැත් වෙන් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටර්ලින් ගගන අප වෙත සඳහන් කළා.

2025 වසරේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව අයැදුම්පත්‍රය නිකුත් කෙරේ.- අයැදුම්පත්‍රය මෙතැනින් ලබාගන්න.
පසුගිය දින දෙකේ පැවති මෙම විරෝධතා රැල්ල හේතුවෙන් පාසල් රැසක ළමුන්ගේ පැමිණීම ද ඉතා අවම මට්ටමක පැවති අතර ඇතැම් පාසල්වලට පැමිණි සිසුන්ට පාසල්වලට ඇතුළුවීමට නොහැකි වී හැරී යාමට ද සිදුවු බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් විරෝධතා මැද්දේ වුවද කිසිදු පාසලකට නිවාඩු ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ලැබුවා.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.
