මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවට අයත් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් අද දින නිකුත් කළ එම නිවේදනය හෙට (13) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.

උදේ 11.00 සිට ප.ව. 3.00 දක්වා ගමන් සීමා කරන්න - අධික උණුසුම නිසා අවදානම් තත්ත්වයක්

උදේ 11.00 සිට ප.ව. 3.00 දක්වා ගමන් සීමා කරන්න - අධික උණුසුම නිසා අවදානම් තත්ත්වයක්

එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත් මෙන්ම මොණරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි.

එබැවින් මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍යයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

කොලඹ ඇතුළු මේ පැතිවලට අවදානම් නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

කොලඹ ඇතුළු මේ පැතිවලට අවදානම් නිවේදන නිකුත් වේ - ජනතාව ප්‍රවේශමෙන්

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක් | High Temperature Alert In Several Districts

මුළු රටටම හෙට වෙන්න යන දේ - අවවාදාත්මක නිවේදනයක් | High Temperature Alert In Several Districts