මෙන්න විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවූ ප්‍රදේශ මෙන්න
By Hashini
දිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද (28) උදෑසන 10:00 නිකුත් කරන ලද එම නිවේනදය හෙට (29) උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බවයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අමතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම නිවේදනය නිකුත් කළ බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.