මම එහෙම කළේ නෑ... මාලනීගේ දේහය ළඟ දී අම්මෙක්ව තල්ලු කරපු නිළිය කට අරී

Mrs Malani Fonseka Death Funeral Sinhala news Breaking News
By Ashfa May 27, 2025 04:54 PM GMT
Ashfa

Ashfa

Report

නිළි රැජිණි මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ගෞරව කිරීම සඳහා ලංකාවේ සිව් කොනින්ම ජනයා එක්රොක් වීම සජීවීව විකාශණය කෙරුණි.

එහිදී එක්තරා කාන්තාවක් වයසක අම්මෙක්ව අතින් තල්ලු කරන ආකාරය කැමරාවට හසුවීමත් සමග ඒ කාන්තාව පිළිබද අප්‍රසාදය වැඩි විය.

මේ වනවිට ෆේස්බුක් හි නිර්ධා උයන්හේවා යන නමින් ගිණුමක් ඇති අතර එහි ඇයගේ ජයාරූප මෙන්ම ඇය එම සිද්ධිය පිළිබද පල කරන පෝස්ටුද දැකිය හැකිය.

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

BYD වාහනයක් ලක්ෂ 20 ට .මෙන්න මිල පහළට

නමුත් සැබැවින්ම මෙම ගිණුමේ හිමිකාරිය එම වීඩියෝවේ සිටින කාන්තාවද නැතිනම් සිදුවූ ප්‍රබලත්වය මුල්කරගෙන සිදුවන ව්‍යාජ ගිණුමක්ද යන්න නිශ්චිත නොවේ.    

ඇය සදහන් කරන ආකාරයට,

"මම ඇයට අවසන් ගෞරවය දක්වන්න ඇය ලඟටම ගියා. 🙏🥺 මට මඩ ගහන ඔය ෆේස්බුක් ලියන්නන් එකෙක්වත් ගියාද?? ගිය අපිට මඩ ගහනවා. කාන්තාවක්ට මේ රටේ තියන නිදහස කෝ? අනුර කුමාර ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව නිදිද?"

"මෙන්න ඇත්ත ✅ අපගේ සිංහල සිනමාවේ නිළි රැජිනියට අවසන් ගෞරවය දක්වන්න මම ගිය වෙලාවේ, මගේ පිටුපසින් ආච්චිඅම්මා කෙනෙක් පැමිණ මාලනී ෆොන්සේකා මහත්මිය දැකගන්න ඉදිරියට පැමිණන්න උත්සහා කළා. මම එවිට පිටුපසට වී ඒ ආච්චිඅම්මාට මම සිටි ස්ථානය ලබාදුන්නා. මේ තියෙන්නේ එම සත්‍ය වීඩියෝ එක 👇 මම ඒ කළ කාර්යය වීඩියෝ කර එය ආපස්සට (රිවස්) විකෘති කර, ව්‍යාජ වීඩියෝ එකක් සාදා කවුරුන් හෝ කණ්ඩායමක් ෆේස්බුක් දමා මට මඩ ප්‍රචාරයක් පවත්වාගෙන යනවා. නිළියක්ට මේ ආකාරයෙන් බොරු වීඩියෝ සාදා අපහසුතාවයට පත්කරන රටකද අපි මේ ජීවත්වෙන්නේ. මේ මොහොතේ අපේ රටේ අගමැතිත් කාන්තාවක්. ඇයත් ඇස් කන් වහගෙන ඉන්නේ, මේක ජනතාවගේ ආණ්ඩුවක්ද? නැත්නම් කාන්තාවන්ට අපහාස කරන්න උදව් කරන ආණ්ඩුවක්ද?"

දරුවා මුදලට විකුණයි ! රුපියල් ලක්ෂයකට වඩා අරන්

දරුවා මුදලට විකුණයි ! රුපියල් ලක්ෂයකට වඩා අරන්

"ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා. 📷 නිළි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පළිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාව. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න. මහන්සිවෙලා වැඩ කරන්න. ❤️"

"එයාලට හොඳයි, අපිට නරකයි ? ඊයේ දිනයේ මම නිළි රැජිනට අවසන් ගෞරවය දක්වන්න ගිය අවස්ථාවේ, මාගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙක් සමඟ ඡායාරූප කිහිපයක් ලබාගත්තා කියලා මට ෆේස්බුක් එකේ කුලියට ලියන්නන් මඩගහනවා. රටේ ජනාධිපති හා අගමැති ඒ දේ කළාට මුකුත්ම කියන්නේ නෑ. මට මඩ ගහන කුලී පේජ් කාරයොත් ආණ්ඩු පක්ෂයේම කුලී පේජ් කිහිපයක් කියලනම් හොඳටම පැහැදිලියි. මාලිනී අක්කා වෙනුවෙන් මම හිතින් ඇඬුවත් අඬන එක ෆොටෝ ගහලා ලෝකෙට පෙන්නන්න මට අවශ්‍යාවයක් නැහැ. "

"මගේ ක්ෂේත්‍රයේම නවක නළු නිළියන් කිහිපදෙනෙක් මගේ විකෘති කළ වීඩියෝ එක යොදාගනිමින් මඩ මඩ ප්‍රචාර එල්ලකර තිබුණා, ඔවුන්ගේ මූණෙන් ඊර්ෂ්‍යාව දෝරේ ගලනවා. මම රංගනයෙක් දායක වෙලා තිබෙන ටෙලිඩ්‍රාමා ප්‍රමාණයෙන් 1/10ක් වත් තරමට ඔවුන් වැඩ කරලා නැහැ. ඔයාලට අවස්ථාව නොලැබුණා කියලා මම පලි නෑනේ නේද? මුලින්ම රංගනය හරියට ඉගෙනගන්න, සිංදු කිව්වා කියලා රඟපාන්න පුලුවන් වෙන්නේ නැහැ."

ආදී ලෙසයි.

GalleryGalleryGallery
ReeCha