ඇස් උඩ යන අද රන්මිලේ මිල පරාසයන් මෙන්න
රත්තරන් පළඳින්න කවුරුත් කැමතියි විශේෂයෙන් කාන්තා පාර්ශවය.නමුත් පසුගිය කාල සීමාවේදී රත්තරන් මිල ඉතා සීග්‍රයෙන් ඉහළ යාම නිසා බොහෝ දෙනෙක්ට රත්තරන් ගන්න එක හීනයක්ම වුණා.
නමුත් පසුගිය කාලසීමාවේදී රන් මිල විවිධ අවස්ථාවන්වලදී අඩු වැඩිවීම් වලට මුහුණ දීම සිදුවිය. ඒ අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින රන් මිලෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බව කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිලට අනුව,
කැරට් 24 රන් පවුමක් රුපියල් 268,000 ක් වන අතර
කැරට් 22 රන් පවුමක් රුපියල් 248,000 කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට
සහ කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 31,000 කට අලෙවි වේ.