ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකටම තද වැසි අවවාදයක් - අද කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (18) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.