නුවරඑළියේ උග්‍ර ගැටලුවක් - වියළි කාලගුණයේ හදිසි වෙනසින් පිරිසකට තුවාල
By Kaushi
නුවරඑළිය ප්‍රදේශයේ ඉකුත් දින කිහිපයේ පැවති අධික වියලි කාළගුණය, අධික උෂ්ණත්වය අවසන් කරමින් ඊයේ (02) දින පස්වරු 3:00 සිට 4:00 දක්වා තද වැසි පතිත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම අධික වර්ෂාවත් සමඟ නුවරඑළිය ලබුකැලේ වතුයායේ යු කැලිප්ටස් ගසකට අකුණුසැර පතිත වීමෙන් ඒ අසළින් ගමන් ගත් තිදෙනෙකු සුලු තුවාල ලබා ඇති බව සඳහන්.
එසේම පවතින වියලි කාළගුණය හේතුවෙන් නුවරඑළියේ එළවලු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
එමෙන්ම නුවරඑළිය ප්‍රදේශය පුරා උග්‍ර පානීය ජල ගැටලුවක්ද මතු වි ඇති බවත් සඳහන්.