ජලය අත්හිටුවන කාලය සම්බන්ධයෙන් අලුත් තීරණයක් - මේ ප්‍රදේශවලට ජලය අත්හිටුවන දින ගැනත් නැවත දැනුම්දෙයි

Report

හෝමාගම, පාදුක්ක, මහරගම,පිළියන්දල, කැස්බෑව යන ප්‍රදේශවලට දින හතරකට වරක් ජල සැපයුම අත්හිටුවීම තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසා ඇත.

ඒ අනුව සභාපතිවරයා සඳහන් කර ඇත්තේ දින 4කට වරක් එනම් 5වැනි දිනයේදී එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවත් එසේ ජලය අත්හිටුවන කාලය පැය 24 සිට පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් ය.

එමෙන්ම ජලය අත්හිටුවන කාලය ඇතැම් විට පැය 3සිට පැය 6,පැය12,පැය15, පැය 18 දක්වා පැවතිය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට කිසිදු ආකාරයක ජල සැපයුම අත්හිටුවීමක් සිදු නොවනු ඇති බවත් ඔහු විසින් පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් - සිදුවන අයුරු මෙන්න

පවතින තත්ත්වය හමුවේ කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක් - සිදුවන අයුරු මෙන්න

තවද ජලය අත්හිටුවන කාලය සහ වේලාවන් ජලය අත්හිටුවීමට පෙර ජල පාරිභෝගිකයින් වෙත SMS පණිවිඩයකින් දැනුම් දෙන බවත් එය ජල බිල දැනුම් දෙන ජංගම දුරකථන අංකයට දැනුම් දෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ කලටුවාව ජලාශයේ ජලධාරිතාව ශීඝ්‍ර ලෙස අඩුවීමයි. එසේම කලටුවාව ජලාශයේ මේ වන විට ජලය පවතින්නේ දින20ක කාලයකට පමණක් බවද ඔහු පවසයි.

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

නිවෙස්වල කළු පාට සතුන්, සුනඛයින් සහ බළලුන් ඉන්නවා නම් විශේෂයි - මාරාන්තික අනතුරු ඇඟවීමක්

එබැවින් කලටුවාව ජලාශයෙන් දිනකට මුදා හරින ජලය ඝණ මීටර් 90000 සිට ඝණ මීටර් 75000 දක්වා අඩු කිරීමට තීරණය කළ බවද චන්දන බණ්ඩාර මහතා සඳහන් කළා.

මේ වන විට ලබුගම ජලාශයේ ජලය දින45 කට පමණ ඇති බවත් ඒ හේතුවෙන් කොළඹ නගරයට ජල සැපයුම අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වේ - ජනතාව දැනුවත් වෙන්න නැත්නම් අමාරුවේ

අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වේ - ජනතාව දැනුවත් වෙන්න නැත්නම් අමාරුවේ