ඉදිරි පැය 36 මේකයි වෙන්නේ - ජනතාව ප්‍රවේශමෙන්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරන ආකාරයට ඉදිරි පැය 36 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අපදා වන්දි බෙදලා අවසන් ඔයාටත් හම්බවුණාද? මෙන්න විස්තරේ

අපදා වන්දි බෙදලා අවසන් ඔයාටත් හම්බවුණාද? මෙන්න විස්තරේ

උතුරු, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාරවල් 6ක් වහනවා යන්න එපා - විශේෂ රථවාහන සැලැස්මක්

පාරවල් 6ක් වහනවා යන්න එපා - විශේෂ රථවාහන සැලැස්මක්