පාරවල් 6ක් වහනවා යන්න එපා - විශේෂ රථවාහන සැලැස්මක්
අද (2026.01.24) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දහවල් 12 සිට තරගය අවසන් වන තෙක් මාර්ග කිහිපයක් වසා දමන බව හෝ රථවාහන සීමා ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කර ඇත.
ඒ අනුව,
- ප්‍රදීප මාවත සද්දර්මා මාවත
- ජයන්ත වීරසේකර මාවත
- කොයිල් පාර අඩි 100 මාර්ගය
- බෝධිරාජ මාවත
- වින්සන්ට් පෙරේරා මාවත
- බ්‍රිටෝ බබාපුල්ලේ පාර
තරග වේලාවන් තුළ ප්‍රදේශයේ තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට උපදෙස් දී තිබේ.