වැස්ස අස්සේ කොළඹ කලබලේ - හැම තැනම රථවාහන තදබදය
By Shehan
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රධාන පාරවල් කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.
පවතින වාර්තා අනුව, වැසි හේතුවෙන් ජලය රැස්වීම සහ මගපෙන්වීමේ ගැටලු නිසා පිටකොටුව, ගාල්ල මාර්ගය (කොල්ලුපිටිය - වැල්ලවත්ත) ,බේස්ලයින් මාර්ගය, මෙරයින් ඩ්‍රයිව් මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව තහවුරු වී ඇත.
තවද නුගේගොඩ සහ අවට ප්‍රදේශවලද රථවාහන තදබදයක් පවතින බවද වාර්තා වේ.
ප්‍රදේශ රැසකට අද (17) පස්වරු කාලය තුල ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, සබරගමුව, උතුරුමැද, ඌව, වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් මෙම තත්ත්වය අපේක්ෂා කරන බවය.
මේ අතර, ඉහත ප්‍රදේශවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.