ඉදිරි පැය 36 වෙන්නේ මේකයි - දිවයිනටම නිවේදනයක්

Report

ඉදිරි පැය 36 සඳහා අද(12) දින සවස 04.00 ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ අනාවැකියක් නිකුත් කර ඇත. එහි සඳහන් ආකාරයට බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක.

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

අද ලංකාවේ කාලගුණය උඩුයටිකුරු වෙයි - දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 75 ඉක්මවූ දරුණු වැසි

තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්

තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්

Gallery