රටම හෙල්ලූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය- ගම්පහ ඔස්මන්ඩ් තවදුරටත් රැඳවුම් බාරයට

Report

  ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ඩ් නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇත එහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තා තවදුරටත් රැඳවුම් නියෝග මත රඳවාගෙන පරීක්ෂණ සිදු කරන බව සදහන් කරන ලදි.

පොලිසිය සඳහන් කළේ සෝදිසි වරෙන්තුවක් ලබාගෙන ඔස්මන්ඩ් ගුණසේකර නමැත්තාගේ නිවස හා භූමිය පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ලේඛන කිහිපයක් හමු වූ බවත් ඒ අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ රතු නිවේදනය තිබූ බවයි.

ශිරන්ති රාජපක්ෂ සහ රංජිත් සියඹලාපිටියට එරෙහිව අද දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ශිරන්ති රාජපක්ෂ සහ රංජිත් සියඹලාපිටියට එරෙහිව අද දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

එමෙන්ම ගණේමුල්ල සංජීව නමැත්තාට පෙර තිබූ නඩු, දැනට පවතින නඩුවල විස්තර, සහ ඔහු ආශ්‍රය කළ පුද්ගලයින් මෙන්ම දුරකථන අංක සම්බන්ධයෙන්ද ලේඛනයක් ඒ අතර තිබී හමුවූ බව පෙන්වා දුන් පොලීසිය මේ තුළින් ගණේමුල්ල සංජීව නමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම සැකකරු අවදියෙන් සිට ඇති බව පැහැදිලි වන බවත් පැවසීය.

ඔහුගේ නිවාස භූමියේ තිබී ලියාපදිංචි නොකළ යතුරුපැදියක් සහ ගිනි අවියක් හමුවූ බවත් ඒවා පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පොලීසිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ වගේම මෙම සිද්ධියේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය තවදුරටත් දින 30 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන බවත් පොලිසිය සඳහන් කර ඇත

මෙහිදී සැකකාර ඔස්මන්ඩ් ගුණසේකර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන සිටින සිය සේවාදායකයා හමුවීමට තමන් ගිය අවස්ථාවේදී ඊට අවසර නොලැබුණු බව ඔහු සදහන් කර තිබේ.

 එහෙත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මීළඟ නඩු දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්නට ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

ඉන් අනතුරුව මෙම පැමිණල්ල ලබන 26 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ  .

මහ බැංකු අධිපතිගේ පරස්පර කථා සහ එල්නිනෝ අවදානම -සුජීව සේනසිංහගෙන් රටටම රතු එළියක්

මහ බැංකු අධිපතිගේ පරස්පර කථා සහ එල්නිනෝ අවදානම -සුජීව සේනසිංහගෙන් රටටම රතු එළියක්