ලංකාව තියෙන්නේ ඉතාමත් අවදානම් තැනක -ලෝක බැංකු වාර්තාවක් දිගහරිමින් සුජීව සේනසිංහ පාර්ලිමේන්තුව හොල්ලයි
මේ රට තියෙන්නේ ඉතාමත් අවධානම් තත්වෙක බවත් ලෝක බැංකුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ආසියාවේ වැඩිම විදුලි බිල ,ඒ වගේම 33% ආහාර නොමැති බවත් තරුණ තරුණියන්ට රැකියා නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සදහන් කර තිබේ
එතුමා පාර්ලිමේන්තුව අමතමින් තව දුරටත් සදහන් කරන්නේ මෙවන් අදහසක්
'' ගල් අගුරු වංචාව හින්දා විශාල පීඩනයක් රටට ඇවිල්ලා තියනවා .ඩොලරයේ අගය වැඩිවෙන්නත් රුපියලේ අගය අඩු වෙන්නත් ආර්ථික අවපාතයක් ඇති වෙන්නත් රටේ ජනතාව දුප්පත් වෙන්නත් කන්න බොන්න අඩු වෙන්නත් මේ හැම දේටම ආණ්ඩුවේ දූෂණය හා නොහැකියාව බලපානවා .
ඒ වගේම මැදපෙරදිග යුධමය තත්වය නිසා 20% කට වඩා ඉන්ධන මිල මිල වැඩි කළ රටවල් අතර ලංකාව 3 වෙනි තැන.
එල්ලිනෝ ලෝකෙටම බලපානවා කියලා තියනවා ලංකාවේ ආහාර සුරක්ෂිත තාවය පිළිබද විශාල ලෙස ගැටළු පැන නගිනවා ඒකට ප්‍රධාන හේතුව පොහොර සහනාධාරය ලබා නොදීම .
ඒ කරලා කයිය ගැහුවා හාල් ගෙන්නන්නේ නෑ කියලා . හාල් ගෙන්නලා ගොවියන්ට විකුණ ගන්න බැරුව ඉන්නවා . රට ස්වයංපෝෂිත කරනවා කිව්වා ජනාධිපතිවරයා කෘෂි කර්මාන්තය කරන හැටි කිව්වා කටින් බතල හිටවනවා වගේ .
ඒ වගේම මහ බැංකු අධිපති කියනවා අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි කියනවා . ඊයේ ඇවිල්ලා කියනවා බලපෑමක් නෑ කියලා.
හොරකම් ගැන කියනවනම් ගල් අගුරු හොරකම කන්ටේනර් හොරකම ඕවගේ ගොඩක් කියන්න පුළුවන් ''