ලෝක ටෙස්ට් ශූරතාව දිනාදුන් සුපිරි නායකයා සමුගනී

Report

ලෝකයක් ආදරය කළ කේන් විලියම්සන් ටෙස්ටි දිවියෙන් සමුගනි නවසීන්ලන්ත ජත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාගේ වර්තාවට හිමිකම් කියන කේන් විලියම්සන් ජාත්‍යන්තර ක්‍රිකට්වලින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගෙන ඇති බව නිවේදනය කර තිබේ.

මෙම හදිසි නිවේදනය නිකුත් වී ඇත්තේ ඔහු එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමෙන් පසුවය.

ඒ සමඟ වසර 16ක දිගු ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වන අතර, ඔහු එම කාලය තුළ ජාත්‍යන්තර ලකුණු 19,346ක් රැස් කර තිබේ.

විලියම්සන් 2016 සිට 2024 දක්වා වසර 8ක කාලයක් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම කාලය තුළ 2021 වසරේ ලෝක ටෙස්ට් ශූරතාව (World Test Championship) ජයග්‍රහණය කිරීමටද, ICC ලෝක කුසලාන අවසන් මහා තරග දෙකකටද නවසීලන්තය මෙහෙයවා තිබේ. 

නිවේදනයක් මගින් ඔහු මෙසේ සඳහන් කළේය: “මම මේ ගැන කාලයක් සිතා බැලුවා.නමුත් පසුගිය දින කිහිපයේදී මෙය නිවැරදි අවස්ථාව බව පැහැදිලි වුණා.

මම හැම විටම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා දැඩි උද්යෝගයක් සහ ආශාවක් දැක්වූ අතර, නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ සෑම තරගයකම මම සියල්ල ලබා දුන්නා යැයි සිතීම ගැන මට ආඩම්බරයක් තිබෙනවා.

ඊට වඩා අඩුවෙන් දිගටම ක්‍රීඩා කිරීම නිවැරදි නොවෙයි.

මට මගේම තීරණයකින් මෙලෙස ඉවත් වීමට හැකිවීම ගැන මම වාසනාවන්තයි.

මම ඉවත්ව යන්නේ මෙම කණ්ඩායම යන දිශාව ගැන බලාපොරොත්තු සහගත හැඟීමක් සමඟයි. මෙම කණ්ඩායමේ විශාල දක්ෂතා රැසක් තිබෙනවා,

නවසීලන්ත කණ්ඩායම සමඟ විශේෂ දෙයක් කිරීමට සැබෑ උනන්දුවක්ද පවතිනවා.

මෙය මට ඉතා ආදරයෙන් බැඳී සිටින කණ්ඩායමක්. මෙහි කොටසක් වීමට ලැබීම ගැන මම අතිශය වාසනාවන්තයි. එය මගේ හදවතට සදාකාලිකවම ආදරණීයව පවතිනු ඇත.

”කෙන්ගේ විල්ලියම්ස්ගේ මෙම විශ්‍රාමයත් සමඟ නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ එක් සුවිශේෂී යුගයක් අවසන් වන අතර, ඔහුගේ දක්ෂතා සහ නායකත්වය ක්‍රිකට් ලෝකය තුළ දිගුකාලීනව සිහිපත් වනු ඇත.