අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්නවා කියලා.. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි ලු වැඩියි තමයි - ලාල්කාන්ත
ජාතික ජන බලවේගය දිගටම බලයේ සිටීමේ අධිෂ්ඨානයක සිට කටයුතු කරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි.
ඒ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසකට නව පත්වීම් ලබාදීම සඳහා පැවති උත්සවයක් අමතමින්.
ඒ අනුව ඔහු කියා ඇත්තේ, "අපි අධිෂ්ඨානයක ඉන්නවා අපි දිගටම බලයේ ඉන්නවා කියලා. දැන් අපි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා, ඇමතිවරුන්ට නිල නිවාස අහෝසි කළා, පාර්ලිමේන්තුවේ 125ට කාපු එක 2000 කළා. ඉස්සර රුපියල් 125ට දවසම කෙළිනවා.
වැසිකිලියට මුල්ගල තැබීම මට ආඩම්බරයක්..ඊට වඩා පහත් කියන දෙයක් වුණත් මම කරනවා - මල පැනපු අම්බිකා විපක්ෂයේ රෙදි ගලවයි
ඒකෙ නරකක් තියෙනවා ඉතින්, ඒක පේන්නෙ ඔය නිමල් සිරිපාල වගේ ඇමති කෙනෙක් දිහා බැලුවාම. අපි එනකොට පොහොර සහනාධාරයක් තිබ්බා හෙක්ටයාර් දෙකකට රුපියල් 30000 යි. දැන් අපි දෙනවා 60000ක්. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි ලු. වැඩියි තමයි. මේ ලෝක තත්ත්වයන් එක්ක ඒවා වැඩිවෙනවා. අර තිස්දාහ හැටදාහ කරපු එක පේන්නෙ නෑ. පේන්නෙ මොකක්ද? මේ යුද්ධය අස්සෙ පොහොර මිල වැඩි වෙච්ච එක."
එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි
එසේම එහිදී පශුසම්පත් සංවර්ධන කාර්ය මණ්ඩලයේ ස්ථිර ක්ෂේත්‍ර පශුසම්පත් සහකාර පත්වීම් 20 ක් හා ස්ථිර රියදුරු පත්විම් 14 ක් ලබාදීම සිදු විය.
මෙම අවස්ථාවට එම මණ්ඩලය් සභාපති වෛද්‍ය බී.සී.එස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.






