රොබෝවරුන්ට කුස්සියේ වැඩ උගන්වන්න ඉන්දියාවේ අලුත්ම ක්‍රමය
කෘත්‍රිම බුද්ධිය (AI) පදනම් කරගත් රොබෝ තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමඟ, ඉන්දියාවේ සේවකයෝ AI රොබෝවරු පුහුණු කිරීමේ කටයුතුවල නිරත වී සිටිති.
තාක්ෂණික සංවර්ධකයන් පවසන්නේ, විශේෂිත AI ආකෘති සඳහා මිනිසුන්ගේ පළමු පුද්ගල දර්ශන (First-person perspectives) සහ දත්ත ඇතුළත් කිරීම මගින් රොබෝවරුන්ට මිනිස් හැසිරීම් වඩාත් නිවැරදිව අනුකරණය කිරීමට හැකියාව ලැබෙන බවයි.
ඒ අනුව, මිනිස් ක්‍රියාකාරකම් සහ තීරණ ගැනීමේ රටාවන් ඉගෙන ගනිමින්, අනාගතයේදී විවිධ කාර්මික සහ වාණිජ ක්ෂේත්‍රවල කාර්යයන් ඉටු කිරීමට මෙම රොබෝවරුන්ට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අනාගතයේදී ගෘහ කටයුතු භාර ගැනීම සඳහා, කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රොබෝවරු පුහුණු කිරීම ඉන්දියානු කාන්තාවන් විසින් සිදු කරනු ලබන බව වාර්තා වේ.
ස්මාර්ට් ජංගම දුරකථනයක් හිසට බැඳගෙන අඹ පෙති කපන ආකාරය රූගත කරන ඉන්දියානු ගෘහණියක් වන නාගිරෙඩ්ඩි ශ්‍රීරම්‍යචන්ද්‍රගේ අරමුණ වන්නේ අනාගතයේදී ගෘහ කාර්යයන් භාර ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රොබෝවරු පුහුණු කිරීමයි
. මෙම කාන්තාවන්ගේ වීඩියෝවක් සඳහා රුපියල් 250ක් ගෙවනු ලබන අතර, ඔවුන්ගේ හැසිරීම් පටිගත කිරීම තුළින් සාමාන්‍ය ජීවිතයේ චලනයන් උගන්වීම ගෝලීය තාක්ෂණික සමාගම් සඳහා අතිශය වටිනා දත්තයක් බවට පත්වෙයි.
AI චැට්බොට් සහ රූප උත්පාදක යන්ත්‍ර මගින් ඩිජිටල් දත්ත ලබා ගත්තද, සැබෑ ජීවිතයේ චලනයන් පද්ධති ගොඩනැගීම වඩාත් අභියෝගාත්මකය.
මෙම පළමු පුද්ගල දර්ශන විශේෂිත AI ආකෘතිවලට ලබා දීම රොබෝවරුන්ට මිනිස් හැසිරීම් පිටපත් කිරීමට උපකාරී වන බව පර්යේෂණ සංවර්ධකයෝ පවසති.
තත්ත්වය උග්‍ර අතට - කොළඹ අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කරයි - ජුනි 15 සිට සියලු ආයතන, පාසල් සහ නිවාසවල පරික්ෂාවක්
හියුමනොයිඩ් (Humanoid) රොබෝ වෙළඳපොළ ලොව පුරා වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, 2050 වන විට එවැනි රොබෝ බිලියනයකට අධික සංඛ්‍යාවක් භාවිතයට පැමිණෙනු ඇතැයි නවතම ප්‍රක්ෂේපණවලින් අනාවරණය වී තිබේ.
මෙම රොබෝ තාක්ෂණය ප්‍රධාන වශයෙන් කාර්මික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර, කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත දත්ත නිර්මාණය,
සැකසීම සහ විශ්ලේෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ඉන්දියාවද කැපී පෙනෙන ස්ථානයක් ලබාගෙන තිබේ.
ඉන්දියාවේ "සිලිකන් නිම්නය" ලෙස හැඳින්වෙන බැංගලෝර් නගරයේ පිහිටි මානව ජනාවාස සඳහා වූ ඉන්දීය ආයතනයේ ඩිජිටල් ශ්‍රම විශේෂඥ අදිති සූරි පවසන්නේ, දත්ත රැස්කිරීම සහ සැකසීම සම්බන්ධ සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉදිරි වසරවලදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණයන් මගින් විශාල ප්‍රතිලාභ රැසක් අපේක්ෂා කළ හැකි වුවද, ඒවා සමඟ රැකියා වෙළඳපොළට බලපාන අවදානම් ද මතුවෙමින් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉන්දියාවේ රජයේ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන NITI Aayog පවසන්නේ, AI සහ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ බොහෝ සාකච්ඡා සුදු කරපටි වෘත්තිකයන් කෙරෙහි පමණක් අවධානය යොමු කරමින් රැකියා අහිමිවීම් පිළිබඳ අනාවැකි පළ කළද, අවිධිමත් අංශයේ සේවකයන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවයි.
එම ආයතනය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, ඉන්දියාවේ මිලියන 490කට අධික අවිධිමත් සේවක පිරිස රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර, AI තාක්ෂණය ඔවුන්ට බලපාන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
මේ අතර, බැංගලෝරයේ පාර අයිනේ මල් මාලා සකස් කරමින් ජීවිකාව ගෙන යන 55 හැවිරිදි පොනී නම් පුද්ගලයා පවසන්නේ, තාක්ෂණික වෙනස්කම් හමුවේ අනාගත පරම්පරාවට රැකියා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.





