නැවතත් කාලගුණය කැලඹෙයි...වැසි තත්වයේ වැඩිවීමක්.

By Subodha Sep 03, 2022 04:21 AM GMT
Report

අද (3) පස්වරුවේ සිට දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව එම ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වැසි සමඟ පැයට කිලෝමීටර 50 ක පමණ තද සුළංද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now