රනිල් අත්අඩංගුවට ගැනීම ගැන ජනතාව අතර උණුසුම් කතාබහක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව තුළ උණුසුම් කතාබහක් ඇතිව තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අගෝස්තු 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති අතර, මෙම තීරණය පොදු දේපොළ පනත යටතේ එල්ල වූ චෝදනා මත පදනම් වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා, විමර්ශන තවමත් අවසන් නොවූ බැවින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා ඇත.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඇප මත මුදාහැරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කළ ද, එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම අත්අඩංගුවට ගැනීමට පෙර යූටියුබ් නාලිකාකරුවකු වන සුදත්ත තිලකසිරි විසින් මෙම තීරණය ගැන ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (එජාප) CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ස් (X) පණිවිඩයක් තබමින් පවසා ඇත්තේ, මෙම ප්‍රකාශය සැලසුම්සහගත එකක් දැයි සැකයක් මතුවන බවයි.

රනිල්ව ඇතුළට දානවා කියලා එහෙම කොහොමද යූටියුබ් සුදා කළින් කියන්නේ, මේක පිටිපස්සේ අනිවාරෙන් මොකක් හරි තියෙනවා - සජිත්
මේ අතර, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා එක්ස් (X) හරහා ප්‍රකාශයක් කරමින්, රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් නිවසට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව සඳහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාව වැලිකඩ බන්ධනාගාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර, වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ගන්නා බවයි.
මෙම සිදුවීම රට තුළ බෙහෙවින් කතාබහට ලක්ව ඇති අතර, ජනතාව අතර විවිධ මතවාද පළවෙමින් තිබේ. ඒ අතර හැමදාම කතාව මවන ජනප්‍රිය නිළිය වෙන පියුමි හන්සමාලිද සටහනක් තබමින්, "අපි ඔක්කම වයසට යනවා එතුමාත් වයසයි🥹 පව් එ news එක දැක්කම නම් මට දුකයි පුංචි චාරිකාවාක් මෙ ජිවිතය එ ජිවත් වෙලා ඉන්න ටික කලට මෙ වෙන දේවල් දැක්කම දුකයි" යනුවෙන් සංවේදී ලෙස තම හැඟීම් පළ කර තිබුණි.
