ඥානසාර හිමි නිදහස් කරන්නැයි මහානායක හිමිවරුන් ඉල්ලලා නෑ - රජයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මහානායක හිමිවරුන් විසින් ඉදිරියේදී යම් ඉල්ලීමක් යොමු කළද රජය සෑම විටම කටයුතු කරනු ලබන්නේ රටේ පවතින නීතියට අනුව පමණක් බවයි.

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං

නීතියට ඉහළින් සිටිමින් කිසිදු විශේෂ වෙනසක් කිරීමට රජය අදහස් නොකරන බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් මින් පෙර බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමුකළ ලිපිය පදනම් කරගනිමින් බන්ධනාගාර නිත්‍ය නියෝග වෙනස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේදී එම නිත්‍ය නියෝග මත පදනම්ව කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ දෙදරු පියාගේ මරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ දෙදරු පියාගේ මරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ,

"අති ගෞරවණීය ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේලා සිව්නම විසින් බන්ධනාගාර කොමසාරිස්තුමාට යවන ලද ලිපිය පදනම් කරගෙන අපි ඊට පහුවෙනිදාම මහානායක ස්වාමීන්වහන්සේලාගේ නියෝජිතයින් සමග විශේෂයෙන් අපේ අනුනායක ස්වාමින්වහන්සේලාත් ඇතුළු ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේ ප්‍රථිපලයක් හැටියට තමයි බන්ධනාගාර නිත්‍ය නියෝග සඳහා එකඟතාවයක ආවේ. ඒ අනුව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අනුව ඒ සාකච්ඡා පැවැත්වෙලා ඒ සාකච්ඡාවල ප්‍රථිපලයක් හැටියට නිත්‍ය නියෝග වෙනස් කළා. ඒ අනුව දැන් ඒ වෙනස් කරන ලද නිත්‍ය නියෝග අනුව තමයි ඉදිරියේදී කටයුතු සිදුවෙන්නේ. මෙතෙක් අපි උන්වහන්සේලා කියන ලද කරුණු අනුව කටයුතු කරලා තියෙනවා. එකක් අපිට කියන්න පුළුවන් අපි කටයුතු කරන්නේ පවතින නීතිය අනුව සහ නීතියට සියලු දෙනා යටත් කියන තැන ඉඳගෙන. ඒ නිසා අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අධිකරණයට ඉහළින් සිටිමින් වෙනස් කිරීමට රජයේ අදහසක් නෑ."