බන්ධනාගාරයේදී රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂාවකට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව එළඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයෙන් පසු, ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත ඉදිරිපත් කරන බව බන්ධනාගාර කොමසාරිස්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසා ඇත.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතාව බන්ධනාගාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වෛද්‍යවරුන් දෙදෙනකු විසින් පරීක්ෂා කිරීමට යොමු කරන බවත්, ඉන් අනතුරුව වෛද්‍ය අධීක්ෂණය යටතේ තබා ගනිමින් ඊළඟ පියවර ගන්නා බවත් ය.