මේ පාර දන්සල් දෙන සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක්

Report

වෙසක් සහ පොසොන් උත්සව සමය නිමිත්තෙන් දන්සැල් සංවිධානය කරන සියලු පාර්ශවයන් තම පුණ්‍ය කර්මය සෞඛ්‍යාරක්ෂිතව සිදු කිරීම සඳහා රජය පනවා ඇති සෞඛ්‍ය රීතීන් අනුගමනය කිරීම අනිවාර්ය වේ.

ඒ අනුව ඕනෑම දන්සැලක් ආරම්භ කිරීමට ප්‍රථම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි විය යුතු අතර එහිදී දන්සැල පවත්වන ස්ථානය, සංවිධායකයන්ගේ තොරතුරු සහ සම්බන්ධීකරණ අංක ඇතුළත් කළ යුතුය.

ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමක්? ඉන්ධන මිල සූත්‍ර‍යේ සමාලෝචනයක් ඉල්ලයි

ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමක්? ඉන්ධන මිල සූත්‍ර‍යේ සමාලෝචනයක් ඉල්ලයි

පිරිසිදු දානයක් පිරිනැමීම සඳහා සංවිධායකයන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව පූර්ණ දැනුවත්භාවයකින් සිටීම වැදගත් වන අතර සෞඛ්‍ය නිලධාරීන් විසින් 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව දන්සැල පරීක්ෂා කරන බැවින් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දිය යුතුය. දන්සැලක් ආරම්භ කිරීමට පෙර මෙන්ම එය අවසන් වූ පසු ද එම ස්ථානය සෞඛ්‍යාරක්ෂිත බවත් පරිසරයට හානි නොවන බවත් තහවුරු කිරීමට පියවර ගත යුතු අතර මුල සිට අග දක්වාම විධිමත් කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ.

විශේෂයෙන්ම ආහාර පිසීම සඳහා ආරක්ෂිත ජල මූලාශ්‍ර භාවිතා කිරීමටත්, ආහාර පිරිනමන ස්ථානයන්හි අත් සේදීම සඳහා සබන් සහ ජල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා දීමටත් වගබලා ගත යුතුය.

වඩාත් තීරණාත්මක කරුණක් ලෙස, පිළියෙළ කරන ලද ආහාර පාරිභෝජනය සඳහා ලබා දිය යුත්තේ එය පිස නිම කර පැය හතරක් ඇතුළත වන අතර එම කාලය ඉක්මවා යාමට ඉඩ නොතැබීම මගින් ආහාර විසවීම් වැනි අනතුරු වළක්වා ගනිමින් ජනතාවට ගුණාත්මක දානයක් පිරිනැමීමට සංවිධායකයන්ට හැකියාව ලැබේ.

ප්‍රංශයේ බෝට්ටු අනතුරක් - කාන්තාවන් දෙදෙනෙකු මරුට

ප්‍රංශයේ බෝට්ටු අනතුරක් - කාන්තාවන් දෙදෙනෙකු මරුට

දන්සැල් සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ පහත පරිදි වේ,

 1. සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදි වී කළ යුතූයි.

2. දන්සැල් පවත්වන ස්ථානය, පවත්වන අයගේ නම, ලිපිනය, දුරකතන අංනය වැනි මුලික තොරතුරු ලියාපදිංචියට ඇතුළත් කරගත යුතුයි. 

3. සෞඛ්‍යාරක්ෂිතව දන්සැල් පවත්වාගෙන යාම පිළිබඳව දන්සල් සංවිධායකයින්ට දැනුවත් කළ යුතුයි.

4. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවට වග බලා ගත යුතුයි.

5. දන්සැල් ආරම්භ කිරීමට පෙර සහ දන්සැල් අවසන් කිරීමෙන් සෞඛ්‍ය පරීක්ෂක විසින් ස්ථානය පරීක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බවට වග බලා ගත යුතුයි.

6. ආරම්භයේ සිට අවසානය දක්වා නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙලක් යොදා ගත යුතුයි.

7. හැකි සෑම විටම ආරක්ෂිත ජල මූලාශ්‍රවලින් ජලය ලබාගැනීමට කටයුතු කළ යුතුයි.

8. දන්සැල ආශ්‍රිතව ආහාර අනුභවය සිදුකරන අවස්ථාවලදී අත් සේදීම සඳහා ජල පහසුකම් පහ අත් පිරිසිදුකාරක සපයා ඇති බවට සහතික කළ යුතුයි.

9. දන්සැලේ ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය අතර කාලය පැය 04 කට නොවැඩි විය යුතුයි.