ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමක්? ඉන්ධන මිල සූත්‍ර‍යේ සමාලෝචනයක් ඉල්ලයි

Report

මෑතකදී නිකුත් කළ මහ බැංකු වාර්තාවට අනුව 2025 වසර සඳහා ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 36.4ක ලාභයක් වාර්තා කර ඇති අතර, එම ලාභයට 2025 වසර තුළ බෙදුම්කරුවන්ගෙන් කපා ගත් වට්ටම් මුදල්ද ඇතුළත් බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව 1961දී සංස්ථාව ආරම්භ වූ දා සිට පාරිභෝගිකයන්ට ඉන්ධන අලෙවි කරන ප්‍රධාන කොටස්කරුවන් වන බෙදුම්කරුවන්ට හිමි විය යුතු ලාභාංශ කොටසක් පැවති අතර, 2025 මාර්තු 01 සිට එම කොටස සංස්ථාව විසින් ඒකපාර්ශ්විකව අඩු කර අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇති බවට සංගමය පවසයි.

මේ තත්ත්වය නිසා බෙදුම්කරුවන්ට ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන සමුපාකාර පිරවුම්හල් 200කට ආසන්න සංඛ්‍යාවක් සහ ග්‍රාමීය ප්‍රදේශවල පිරවුම්හල් රැසක් වසා දැමීමේ අවදානමකට ලක්ව ඇති බවත් සංගමය පෙන්වා දී ඇති බව වාර්තා වේ.

රටම බලා සිටි දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹෙයි - සංවිධායකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

රටම බලා සිටි දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹෙයි - සංවිධායකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

එසේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයටද කරුණු යොමු කර ඇති බව ද වාර්තා වේ. විදේශීය තෙල් සමාගම් මෙරට වෙළෙඳපොළ ආකර්ෂණය කිරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර ස්ථාවර කිරීමේ අරමුණින් 2022 නොවැම්බර් 29 දිනැති කැබිනට් පත්‍රිකාව මඟින් නව මිල සූත්‍රයක් අනුමත කර තිබෙනවා.

එම සූත්‍රය අනුව තෙල් සමාගම්වලට 4% (V6) ලාභාංශයක් සහ 2% (V5) මෙහෙයුම් ලාභාංශයක් ලබා දී ඇති අතර, බෙදුම්කරුවන්ට 2.96% (V2h)ක් (ආසන්න වශයෙන් 3%) ලබා දීමට නියමිත බව සඳහන්.

එමෙන්ම 2023 අගෝස්තු 16 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවෙන් බෙදුම්කරුවන්ට 3%ක මෙහෙයුම් ලාභාංශය ස්ථිර කර ඇත.

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?

එසේ වුවත් සංස්ථාවේ නව කළමනාකරණය විසින් 2025 මාර්තු 01 සිට එම ලාභාංශ ප්‍රතිශතය 3% සිට 1.5% දක්වා අඩු කර ඇති බවට සංගමය චෝදනා කරයි.

එමෙන්ම 2024 වසරේ විගණන වාර්තා අනුව සංස්ථාවේ ලාභය රුපියල් බිලියන 34.2ක් වූ අතර, 2025 වසරේ එය රුපියල් බිලියන 36.4ක් වශයෙන් ඉහළ යාමට හේතුව බෙදුම්කරුවන්ගෙන් කපා ගත් මුදල්ද ඇතුළත් කර ගණනය කර තිබීමද යන්න සම්බන්ධයෙන් සංගමය සංස්ථා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ.

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි

හෝමූස් සමුද්‍ර සන්ධිය ගිනියම් වෙයි - භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ගිනියම් වෙයි - භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්